Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සමස්ත ලංකා පාසල් හොකී තරග අද සිට

සමස්ත ලංකා පාසල් හොකී තරග අද සිට

editorial - 2025 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය  සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 18 න් පහළ (බාලක සහ බාලිකා) හොකී තරගාවලිය අද (30) පෙරවරු 8.30 ට මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරේ.   

එය දින හතරක් පුරා එහිදී පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහ තරග  ඉරිදා පස්වරු 4.45 ට පැවැත්වේ. ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායමට ක්‍රීඩා  කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව මෙවර තරගාවලියට පාසල් 70 ක කණ්ඩායම් සහභාගි වේ.

මෙවර බාලක තරගාවලිය, පළමු පෙළ, සහ, දෙවැනි පෙළ, පරිදි තරගාවලිය  කාණ්ඩ දෙකකින් පැවැත්වේ. පළමු පෙළ තරගාවලිය කුසලාන, පළග, බදුන යන කාණ්ඩ තුනකින් පැවැත්වේ.

තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් වයස 18 න් පහළ යොවුන් (බාලක - බාලිකා) පුහුණු  සංචිත සඳහා නිර්දේශ කර ගන්නා බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ බන්ඩාර හේරත් මහතා පවසයි.


අදහස් (0)

සමස්ත ලංකා පාසල් හොකී තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.