Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් - තිළිණි අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

සචින් - තිළිණි අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටය (16 දෙනාගේ) යටතේ අද (5 වැනිදා) පැවැති තරගයකදී දකුණු අප්‍රිකාවේ රොබට් සමර්ස්ට සහ ජොහනිටා ‍ස්චොල්ට්ස්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා සමත් වූහ.

‍මෙම ජයග්‍රහණයත් සමග මිශ්‍ර යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට (8 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද සචින්ට සහ තිළිණිට හැකි වූහ. ‍එහිදී ඔවුන් එංගලන්තයේ එලිස් මාකස්ට සහ ස්මිත් ලෝරන්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (6 වැනිදා) පස්වරු 5.10 ට පැවැත්වේ.  

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/18 ක් ලෙස ජයගත් සචින් සහ තිළිණි, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/08 ක් ලෙසිනි.


අදහස් (0)

සචින් - තිළිණි අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.