අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ එස්.එස්.සී පිල සහ කෝල්ට්ස් පිල අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි කෝල්ට්ස් පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 273 ක් රැස්කිරීමට සමත්විය.
සංගීත් කුරේ (119) සහ හෂාන් දුමිඳු (119) ශතක ලබාගනිමින් කෝල්ට්ස් පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා කෝල්ට්ස් පිලට ආරාධනා කර සිටියේය.
‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 4 ක් එන්.සී.සී, සී.සී.සී, පී.සරවනමුත්තු සහ මූවර්ස් යන ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය.
එහිදී මූවර්ස් පිලේ චරිත කුමාරසිංහ (103) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
කෝල්ට්ස් පිල - පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 273
(සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, සචිත්‍ර සේනානායක 66/4, තරිඳු රත්නායක 84/2)
--------------------------------------------------------------------------------------------------------
එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී 321/9
එන්.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 85.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 321
(පැතුම් නිස්සංක 77, ළහිරු උදාර 66, චතුරංග ද සිල්වා 48, සාගර් පරේෂ් 76/4, සී.ඩිල්ශාන් 86/3)
--------------------------------------------------------------------------------------------------------
සී.සී.සී 317/6
සී.සී.සී පිල - පළමු ඉනිම - ඕවර 82 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 317
(මිනෝද් භානුක 88, ළහිරු මදුශංක නොදැවී 55, අශාන් ප්‍රියංජන් 53, රොන් චන්ද්‍රගුප්ත 45, රොෂේන් ප්‍රනාන්දු 46/3)
--------------------------------------------------------------------------------------------------------
යුද හමුදා පිල 299/8
යුද හමුදා පිල - පළමු ඉනිම - ඕවර 89.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 299
(සංජික රිද්ම 64, අෂාන් රංදික 53, දුශාන් විමුක්ති 50, දිල්ශාන් ද සොයිසා 51, ලක්‍ෂිත මදුශාන් 36, සචිත්‍ර සේරසිංහ 54/2, ළහිරු මිලන්ත 21/2, සදීෂ් පතිරණගේ 51/2)
--------------------------------------------------------------------------------------------------------
මූවර්ස් 337, රාගම 4/0
මූවර්ස් පිල - පළමු ඉනිම - ඕවර 84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(චරිත කුමාරසිංහ 103, ඉරෝෂ් සමරසූරිය 60, අදීෂ තිලංචන 40, ශිරාන් ප්‍රනාන්දු 40, අමිල අපෝන්සු 117/3, ඉෂාන් ජයරත්න 54/2, මොහොමඞ් අලී 73/2, කල්හාර සේනාරත්න 49/2)
රාගම පිල- පළමු ඉනිම - ඕවර 4දී කිසිවකු නොදැවී ලකුණු 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.