Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සංඛ - යසිත පිරිමි යුගල ශූරතාව දිනති

සංඛ - යසිත පිරිමි යුගල ශූරතාව දිනති

ශනුක අරවින්ද - 2017 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/3) ඉන්තූජන් සෙල්වරත්නරාජා සහ උදයචන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ලෙස (6/1, 6/3) රුස්තම් අලී සහ ශ්‍රී බිප්ලොබ් රාම් පරාජය කරමින් සංඛ සහ යසිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඉන්තූජන් සහ උදයචන්ද්‍රන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/0) කෙවින් මාකන්දරාජා සහ අමිත් වීරසිංහ පරාජය කරමිනි.

මේ අතර තරගාවලියේ විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක, රුස්තම් අලී, සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා සමත් වූහ. ඒ අනුව අවසන් පූර්ව වටයේ තරග වලදී ශාමල් දිසානායකට එරෙහිව රුස්තම් අලීද, සංඛ අතුකෝරලට එරෙහිව යසිත ද සිල්වාද තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී දුමිඳු දිලුම් පරාජය කරමින් ශාමල් දිසානායකද, මුෆාසල් හුසේන් පරාජය කරමින් රුස්තම් අලීද, විබුද විජේබණ්ඩාර පරාජය කරමින් සංඛ අතුකෝරලද, අවින්ද්‍ර පෙරේරා පරාජය කරමින් යසිත ද සිල්වාද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මෙම තරගාවලිය මේ මස 20 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

සංඛ - යසිත පිරිමි යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.