Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 25 යි

ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 25 යි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනයේදී (11 වැනිදා) ශ‍්‍රී ලංකාවට දිනාගත හැකි වුයේ එක් රන් පදක්කමක් පමණි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 25 ක්,  රිදී පදක්කම් 51 ක්, ලෝකඩ පදක්කම් 76 ක් සමගින් පදක්කම් 152 ක් දිනා දෙවැනි ස්ථානය පහසුවෙන්ම රැකගැනීමට සමත්ව සිටියි.

මීටර 400X4 කාන්තා සහ පිරිමි සහය කණ්ඩායම් ඉසව්වෙන් මෙන්ම හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් ද  ශ‍්‍රී ලංකාවට පහසුවෙන් ලබාගත හැකි ව තිබු රන් පදක්කම් ඊයේ ගිලිහී ගියේය. ශ‍්‍රී ලංකාවට ඊයේ දිනයේ එකම රන් පදක්කම දිනාදීමේ භාග්‍යය ලැබුවේ මීටර 200 පිරිමි ඉසව්ව ජයගත් සුරංජය ද සිල්වා විසිනි.

මේ දක්වා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව්වලදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් නවයක් දිනා ගැනීමට සමත්ව සිටියි.

ඉන්දියාව රන් පදක්කම් පමණක් 140 ක් දිනාගෙන සිටීම කැපී පෙනෙන සිදුවීමයි.

 

රට

  රන්  රිදී  ලෝකඩ  එකතුව
ඉන්දියාව 140 78 20 238
ශ්‍රී ලංකාව  25 51 76 152
පාකිස්තානය  7 22 43 72
බංග්ලාදේශය  4 10 41 55
නේපාලය  1 12 20 33
ඇෆ්ගනිස්තානය  1 3 11 15

මාලදිවයින

0 2 1 3
භූතානය 

0 1 4 5

 

- 090


අදහස් (0)

ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 25 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.