Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට 18 ක් නම්කරයි

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට 18 ක් නම්කරයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාර්තු 8 සිට 17  දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා මූලික සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම තෝරා ගෙන තිබේ. ඒ සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමක් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

ජාතික හොකී පිරිමි සංචිතයේ සිටි ක්‍රීඩකයන් 25 දෙනෙකු අතරින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ. ඕමානයේදී පැවැත්වෙන මෙම තරගාවලියට පෙර මලයාසියාවේ දී පුහුණු තරග කිහිපයකටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට නියමිතය.

තෝරා ගෙන ඇති  ක්‍රීඩකයන් 18 දෙනාගෙන් බහුතරයක් ආරක්ෂක සේවා නියෝජනය කරන ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතාත් සහය පුහුණුකරු ලෙස පුලස්ති ලැනරෝල් මහතාත් කටයුතු කරති. කණ්ඩායම් කළමනාකරු ලෙස කිසිවෙකු පත්කර නැත.


ශ්‍රී ලංකා හොකී කණ්ඩායම
සඳරුවන් ප්‍රියලංක (රාජ්‍ය සේවා), මදුරංග විජේසේකර (ආරක්ෂක සේවා), ලහිරු වීරසූරිය (ආරක්ෂක සේවා),  තරිඳු හීන්දෙණිය (ආරක්ෂක සේවා), චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු (ආරක්ෂක සේවා), ඉෂාන්ක ජයසුන්දර (ආරක්ෂක සේවා), ලලන්ත ද සිල්වා (ආරක්ෂක සේවා), ධම්මික රණසිංහ (ආරක්ෂක සේවා), තිලිණි පෙරේරා (රාජ්‍ය සේවා), තරංග ගුණවර්ධන (ආරක්ෂක සේවා), මිලින්ද සපුගස්ගොඩගේ (වෙළඳ සේවා), සජිත් කොස්තා (ආරක්ෂක සේවා), ඩබ්. එච්.පී.පී. බණ්ඩාර (රාජ්‍ය සේවා), දමිත් බණ්ඩාර (වෙළඳ සේවා), උදයශාන් ප්‍රනාන්දු (ආරක්ෂක සේවා), රාජිත කුලතුංග (ආරක්ෂක සේවා), අනුරාධ සුරේෂ් (ආරක්ෂක සේවා) සහ මොහොමඞ් මුලාෆීර් (ආරක්ෂක සේවා)

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට 18 ක් නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.