Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මුල් වටයෙන්ම දොට්ට

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මුල් වටයෙන්ම දොට්ට

ශනුක අරවින්ද - 2016 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ බාලිකා කේවල ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලිකා කේවල ඉසව්වට සහභාගි වූ හංසනී පියුමිලා මූලික වටයේදී එක් තරගයක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වූ අතර චමත්සරා ප‍්‍රනාන්දු ඇය සහභාගි වූ තරග දෙකේදීම පරාජයට පත් වූවාය.

තරග වට 3-0 ක් ලෙස මැකාවෝ කී‍්‍රඩිකා යා ඕ චොන්ග් පරාජය කිරමින් හංසනී පියුමිලා එකම ජයග‍්‍රහණයට හිමිකම් කීවාය.
ඉන්දීය කී‍්‍රඩිකා සාගර් පට්කිට එරෙහිව පැවැති තරගයේ මුල් වට 2 ජයගැනීමට චමත්සරා ප‍්‍රනාන්දු සමත් වුවත් ඉතිරි වට තුනේදී නොසිතූ අයුරින් පරාජයට පත්වීම නිසා ඇයට එම තරගයෙන් 3-2 ක පරාජයක් අත්විය.

බාලිකා කේවල වටයේ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් සහභාගි වූ තරග

  • හංසනී පියුමිලා විසින් තරග වට 3-0 ක් ලෙස යා ඕ චොන්ග් (මැකාවෝ) පරාජය කරන ලදි. (11/6, 11/6, 11/6)
  • මොනප්සොරන් සරිටපිරාක් (තායිලන්තය) විසින් තරග වට 3-1 ක් ලෙස හංසනී පියුමිලා පරාජය කරන ලදි. (11/8, 11/8, 5/11, 11/8)
  • ටොන්ග් හයිමියා ඕ (චීනය) විසින් තරග වට 3-0 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (11/7, 11/7, 11/4)
  • සාගර් පට්කි (ඉන්දියාව) විසින් තරග වට 3-2 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (7/11, 9/11, 12/10, 11/8, 12/10)

 


අදහස් (0)

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ මුල් වටයෙන්ම දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.