Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජාම බේරා ගනිති
ආසියානු හොකී සම්මේලන කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජාම බේරා ගනිති

editorial - 2025 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු හොකී සම්මේලනයේ සංවිධානත්වයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ‘ආසියානු හොකී සම්මේලන කුසලාන’ හොකී තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කණ්ඩායම් 6 ක් අතරින් 5 වැනියා ලෙස තරගාවලිය නිමාවට පත් කළේය. 

ඒ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වටයේදී 5 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී දඬුවම් පහර 3-1 ක් ලෙස උස්බැකිස්ථාන කාන්තා කණ්ඩායම පරාජය කරමිනි. එහිදී ෂෙහානි මදරගොඩ, විමුක්තිනි කළුආරච්චි සහ සමදරා කඹුරුගමුව ශ්‍රී ලංකාව වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත්හ. 

තරගයේ නියමිත වේලාව නිමාවන විට දෙපිලම ගෝල 3 බැගින් ලබා සිටීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරිණ. ඉමේෂා වීරබාහු, ෂෙහානි මදරගොඩ සහ නිපුනි ප්‍රනාන්දු මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල ලබාගත්හ. 

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ශ්‍රේණිගත කිරීම් වටයේදී තරගාවලියේ 5 වැනි ස්ථානය හෝ අවසන් ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. අවසන් මහ තරගයේදී දඬුවම් පහර 3-2 ක් ලෙස චීන තායිපේ පරාජය කළ සිංගප්පූරුව තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. 

මූලික වටයේදී හොංකොං රාජ්‍යය හමුවේ ගෝල 5-0 ක් ලෙසත්, සිංගප්පූරුව හමුවේ ගෝල 5-2 ක් ලෙසත්, චීන තායිපේ හමුවේ ගෝල 5-1 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ගෝල 2-2 ක් ලෙස උස්බැකිස්තානයට සහ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරග සමව අවසන් කළහ.  

මෙම තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 8 ක් සහභාගි වීමට නියමිතව තිබුණද, අවසන් මොහොත් කසකස්තාන සහ නේපාල කාන්තා කණ්ඩායම් ඊට එක් නොවීම හේතුවෙන් මූලික වටයේදී කාණ්ඩ දෙකක් යටතේ තරග නොපවත්වා එක් කාණ්ඩයක් යටතේ තරග පැවැත්විණ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජාම බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.