Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාව්දී ජූනි 14 වැනිදා 21 වැනිදා පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) කණිෂ්ඨ තරගාවලියට නිර්දේෂිත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.එහි ක්‍රීඩිකාවන් ගණන 15 කි.
ජාතික දැල්පන්දු තේරීම් කමිටුව විසින් නිර්දේෂ කළ 25 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයෙන් මෙම අවසන් තේරීම් සිදු කර තිබේ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදිනියන් ලෙස සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය හා ඉන්දියාව මූලික වටයේදී මුණ ගැසේ. ඒ කාන්ඩයෙන් ඔවුන් එහිදී මුණ ගැසීමට නියමිතය.
මෙම තරග සංචාරය ඉලක්ක කරමින් මූලික තේරීම් තරගාවලිය සදහා වාර්තාගත ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූ බවද වාර්තාවේ.එය 200 කට වැඩි පිරිසකි.හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිණියන් වන හයිසින්ත් විජේසිංහ හා දීපි ප්‍රසාදිකා යන මහත්මීන් මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ ප්‍රධාන හා සහය පුහුණුකාරීනියන් ලෙස කටයුතු කරති.
ආසියානු දැල්පන්දු (කණිෂ්ඨ) තරගාවලියට නිර්දේෂිත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම
භාෂිණී උඩගෙදර, ඩබ්.එම්.කන්කානීගේ, මිහිදුම් කීර්තිසිරි, එස්.එම්.සී.ඕ.සමරකෝන්, මනෝදා රණසිංහ, එල්.ඒ.එම්.රණසිංහ, චලනී නීසා රණසිංහ, නෙතංගා ගුණරත්න, අමාෂි කලුආරච්චී, ෂැනෝන් ද සිල්වා, එස්.එම්.එස්.ඩබ්.සමරකෝන්, ටී.එම්.එස්.ඒකනායක, ජේ.ඩී.ඩී.ඕ.ජයලත්, යූ.ඩී.කේ.වත්සලා, යූ.ඩී. එච්.සෙනවිරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.