Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට ආසියානු කලාපයේ දෙවැනි ස්ථාන 2 ක්

ශ්‍රී ලංකාවට ආසියානු කලාපයේ දෙවැනි ස්ථාන 2 ක්

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ක්වින්ස් චෙස් තරගාවලියේ ආසියානු කලාපයේ දෙවන ස්ථාන දෙකක් මියුසියස් විද්‍යාලයේ සන්දුලා දහම්දි හා රත්නපුර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ඔෂිනි ගුණවර්ධන විසින් දිනා ගනුලැබ ඇත.

සන්දුලා දහම්දි
ඔෂිනි ගුණවර්ධන

මේ තරගාවලියේ ශ්‍රේණිගත ලකුණු 1500-1699 අතර කාන්තා තරගාවලියේ  ආසියානු කාණ්ඩයේ දෙවැනි ස්ථානය සන්දුලා දහම්දි විසින් හිමිකර ගන්නා ලදි. ශ්‍රේණිගත ලකුණු 1500ට අඩු කාන්තා තරගාවලියේ දෙවන ස්ථානය ඔෂිනි ගුණවර්ධන විසින් දිනා ගන්නා ලදි.

ආසියානු මහද්විපයේ පවත්වනු ලබන සියලුම ක්‍රීඩා ඉසව් 2021 ජුනි 13 දින ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර එහිදි පැවති තරග වට 11න් ලකුණු 8.5 ක් සන්දුලා දහම්දි සිය තරග ඉසව්වෙන් ලබා ගත්තේ එහි ආසියානු දෙවැනි ස්ථානය තමන් සතු කර ගනිමිනි. තරග වට 11න් ලකුණු 9 ක් ලබාගත් ඔෂිනි ගුණවර්ධන සිය ඉසව්වේ ආසියානු දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. මේ ලකුණු ප්‍රමාණයම ආසියාවේ තවත්  තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු ලබා ගත්  නමුත් සම ලකුණු බේදීමේ නිතියෙන් දෙවන ස්ථානයදිනා ගැනිමට ඔෂිනි සමත් වූවාය.

ක්වින්ස් චෙස් උළෙල යනු ලොව කාන්තා චෙස් ක්‍රීඩිකාවන් සඳහා වන ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් ටෝර්නෙලෝ වේදිකාව මත සංවිධානය කරනු ලබන විවෘත තරගාවලියකි. එය අධිවේගි චෙස් ඉසව්වක් වන අතර සෑම තරග වටයක් සඳහාම මිනිත්තු 3 + තත්පර 2 ක කාලයක් ලබාදේ. තරග වට 11 කින් යුත් මෙම තරග ඉසව්වපහත දැක්වෙන පරිදි කාණ්ඩ 4 කින් සමන්විත විය.

මේ සදහා සී කාණ්ඩයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ඩී කාණ්ඩයේ ක්‍රීඩිකාවන් එකළොස් දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියටසහභාගී වූහ.

ඉහත ජයග්‍රාහිකයින් සේම සචිනි රණසිංහ (NF3 චෙස් සංගමය), චනින්දි මෙවන්‍යා අත්තනායක (දේවි බාලිකා විද්‍යාලය), ඔනේලි විතානවසම් (ලයිසියම් ජාත්‍යන්තර පාසල), ජී එච් එස් සනුල්‍යා (රාජකීය කණිෂ්ඨ විද්‍යාලය - පොලොන්නරුව), පියුමි උත්පලා අමරතුංග (JMC ජාත්‍යන්තර පාසල), දෙසන්දි දියන්සා ගමගේ (සිරිමාවෝ බණ්ඩාරනයක විද්‍යාලය), නේමින්දි ලිනායා බණ්ඩාරනායක (බණ්ඩාරනයක මධ්‍ය විද්‍යාලය - වේයන්ගොඩ), ටෙනුලි දහම්නා රත්නායක (ආනන්ද බාලිකා විද්‍යාලය), සත්මි සිතුම්සා (ලයිසියම් ජාත්‍යන්තර පාසල - රත්නපුර) යන ක්‍රීඩිකාවෝද සහභාගි වූහ.

මෙහි මුලික අදියර ආසියානු, අප්‍රිකානු, ඇමරිකානු සහ යුරෝපිය මහද්වීපික කලාප ලෙස පවත්වන ලැබු අතර සෑම මහද්වීප ඉසව්වකම ජයග්‍රහණය කළ ඉහළම ක්‍රීඩකයින් තිදෙනා ජුනි 26 වන දින ලෝක ඉසව්ව සඳහා ක්‍රීඩා කරති.     

සියලුම තරග ‘ඔන්ලයින්’ ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ආසියානු කලාපයේ දෙවැනි ස්ථාන 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.