Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශාකාවේ දක්ෂතම ක්‍රීඩිකාව හංසනී

විශාකාවේ දක්ෂතම ක්‍රීඩිකාව හංසනී

Nisanka Sandeepani - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ විශාකා විදුහලේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේදී 2017 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මේසපන්දු ක්‍රීඩිකා හංසනී පියුමිලා සම්මාන දිනාගත්තාය. එම වසර තුළ දෙස් විදෙස් මේසපන්දු තරගාවලිවලදී හංසනී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට එම සම්මානට හිමිවිය. 

2017 වසරේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේදී බාලිකා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් හංසනී, ඉන් නොනැවතී බාලිකා යුගල ඉසව්වේ සහ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම් දිනාගත්තාය. 

එම වසරේදීම චීනයේ පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලියේදී 22 වැනි ස්ථානයට පත්වූ හංසනී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියට, ජර්මනියේ පැවැති ලෝක මේසපන්දු ශූරතාවලියට සහ ඉන්දියාවේ පැවැති යොවුන් ඔලිම්පික් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයටද සහභාගි වූවාය. 

දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී සහ ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙසද හංසනී කටයුතු කළාය. 

-036 


අදහස් (0)

විශාකාවේ දක්ෂතම ක්‍රීඩිකාව හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.