Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ජාතික වේගී සහ අධි වේගී කාන්තා,පිරිමි කණ්ඩායම් අන්තර් ක්‍රීඩා සමාජ චෙස් තරගාවලිය අද (26) සහ හෙට (27) පිළියන්දර සර් ජෝන්කොතලාවල විදුහලේදී පැවැත්වේ.
මේ චෙස් තරගාවලි දෙකෙන් වේගී කාන්තා, පිරිමි කණ්ඩායම් චෙස් තරගාවලිය අද (26) ද අධි වේගී කාන්තා, පිරිමි කණ්ඩායම් චෙස් තරගාවලිය හෙට (27) ද පැවැත්වේ. සෑම තරගාවලියක්ම තරග වට හතකින් සමන්විතය.
මේ සෑම තරගාවලියකම ජයග්‍රාහක කණ්ඩායම්වලට මුදල් තයාග පිරිනමනු ලබන බව ශී ලංකා චෙස් සම්මේලනය කියයි.ඒ අනුව පිරිමි වේගී කණ්ඩායම් චෙස් තරගාවලියේ ශූරතාවට මුදලින් රුපියල් 50000ක්ද, අනු ශූරතාවට මුදලින් රුපියල් 25000ක්ද, තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 10000ක් ද, කාන්තා වේගී චෙස් තරගාවලියේ ශූරතාවට මුදලින් රුපියල් 40000ක් ද, අනු ශූරතාවට මුදලින් රුපියල් 20000ක් ද, තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 10000 ක්ද පිරිනැමේ. පිරිමි අධ් වේගී කණ්ඩායම් චෙස් තරගාවලියේ ශූරතාවට මුදලින් රුපියල් 40000ක්ද, අනු ශූරතාවට මුදලින් රුපියල් 20000ක් ද, තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 10000ක්ද, කාන්තා අධි වේගී චෙස් තරගාවලියේ ශූරතාවට මුදලින් රුපියල් 30000ක් ද අනු ශූරතාවට මුදලින් 15000ක්ද තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 8000ක්ද පිරිනැමීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.