වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන ලද වෙළඳ සේවා බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය. සම්පත් බැංකු කණ්ඩායම එහි අනුශුරතාව දිනාගත් අතර තෙවැනි ස්ථානය හිමිවූයේ මැක්ලරන්ස් කණ්ඩායමටයි.
විවෘත පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීමට මැක්ලරන්ස් පිල නියෝජනය කළ නිලූක කරුණාරත්න සමත්වූයේ තම සොහොයුරු දිනුක කරුණාරත්න තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරමිනි.
තම සොහොයුරා පරදවා විවෘත පිරිමි කේවල තරගය ජයගැනීමට නිලූකට හැකිවුවත්, ඔහු සහ තිසර නිම්මික පරදවා විවෘත පිරිමි යුගල තරගය ජයගැනීමට දිනුක කරුණාරත්න සහ ලක්ෂාන් සිල්වා සමත්වූහ.
තියුණු තරගයකින් අනතුරුව විවෘත කාන්තා කේවල තරගය ජයගැනීමට සම්පත් බැංකුව නියෝජනය කළ තිළිණි ජයසිංහ සමත්වූයේ ප‍්‍රවීන කී‍්‍රඩිකා චන්ද්‍රිකා ද සිල්වා තරග වට 2 - 1 ක් ලෙස පරාජය කිරිමිනි.
ඉන් නොනැවතුණ තිළිණි ජයසිංහ, ශෙහානි රංජලා සමග එක්ව විවෘත කාන්තා යුගල ශූරතාවත්, හසිත චානක සමග එක්ව මිශ‍්‍ර යුගල ශූරතාවත් දිනාගැනීමට සමත්වූවාය.
රුවනි රත්නසිරි සහ අමාලි අමරසිංහ විවෘත කාන්තා යුගල අංශයේ අනුශූරියෝ බවට පත්වූ අතර උදාර නයනජිත් සහ රුවනි රත්නසිරි මිශ‍්‍ර යුගල අංශයේ අනුශූරයෝ බවට පත්වූහ.
ගල්ස්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවති තරගාවලියේ විවෘත අංශයේ තරග සඳහා ආයතන 48 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 450 ක් පමණ සහභාගී වූහ.
තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි කේවල
නිලූක කරුණාරත්න (මැක්ලරන්ස්) විසින් දිනුක කරුණාරත්න (හැටන් නැෂනල් බැංකුව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදී. (21/15, 21/15)
විවෘත පිරිමි යුගළ
දිනුක කරුණාරත්න සහ ලක්ෂාන් සිල්වා (හැටන් නැෂනල් බැංකුව) විසින් නිලූක කරුණාරත්න සහ තිසර නිම්මික (මැක්ලරන්ස්) පරදවා තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදහ. (21/16, 18/21, 21/15)
විවෘත කාන්තා කේවල
තිළිණි ජයසිංහ (සම්පත් බැංකුව) විසින් චන්ද්‍රිකා ද සිල්වා තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදී. (21/18, 11/21, 21/11)
විවෘත කාන්තා යුගළ
තිළිණි ජයසිංහ සහ ශෙහානි රංජලා (සම්පත් බැංකුව) විසින් රුවනි රත්නසිරි සහ අමාලි අමරසිංහ (මැක්ලරන්ස්) තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරන ලදහ. (24/26, 21/15, 21/14)
මිශ‍්‍ර යුගළ
හසිත චානක සහ තිළිණි ජයසිංහ (සම්පත් බැංකුව) විසින් උදාර නයනජිත් සහ රුවනි රත්නසිරි (මැක්ලරන්ස්) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදහ. (21/12, 21/15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.