Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙළඳ සේවා අවසන් තරග අද සිට

වෙළඳ සේවා අවසන් තරග අද සිට

Nisanka Sandeepani - 2018 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “රාම් රත්නවෙල් අනුස්මරණ “ තරගාවලියේ අවසන් මහා තරග අද (15 වැනිදා) සිට 23 වෙනිදා දක්වා කොළඹ හෙන්රි පේදිරිස් ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වේ. 
 
කොමර්ෂල් ක්‍රෙඩිට් හා ටී.බී.ඩී යන කණ්ඩායම් “ඒ” කාණ්ඩයෙනුත්, ජෝන් කීල්ස් හා කැන්රිච් මූල්‍ය ආයතනය “බී” කාණ්ඩයෙනුත්, රණවරා සුරැකුම් හා සෙලාන් බැංකුව “සී ” කාණ්ඩයෙනුත්, වර්තුසා සහ එච්.එස්.බී.සී “ඩී” කාණ්ඩයෙන් සහ  සී.ඩී.බී මූල්‍ය ආයතනය හා මොරෙසන්ඩි ආයතනය “ඊ” කාණ්ඩයෙනුත් මෙවර පිරිමි අංශයෙන් අවසන් මහා තරගවලට සහභාගි වනු ඇත. 
 
කාන්තා අංශයෙන් හැටන් නැෂනල් බැංකුව සහ ටී.බී.ඩී කණ්ඩායම “ඒ” කාණ්ඩයෙනුත්, මාස් හෝල්ඩින් සහ ඬේවිඞ් පීරීස් මෝටර් සමාගම යන කණ්ඩායම් “බී” කාණ්ඩයෙනුත් අවසන් මහා තරයේදී තරග වදිනු ඇත. 
 
මෙවර තරගාවලියේදී පිරිමි කාණ්ඩ 5 ක් සඳහා කණ්ඩායම් 29 ක් ඉදිරිපත් වී ඇති අතර කාන්තා අංශයෙන් මෙවර ඉදිරිපත් වී ඇත්තේ කණ්ඩායම් 5ක් පමණි. 
 
පසුගිය වසරේ පැවති තරගාවලියේදී කොමර්ෂල් ක්‍රෙඩිට් “ඒ” කණ්ඩායම, ඩයලොග් ආසියාටා කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් “බී” කණ්ඩායම, සොෆ්ට්ලොජික් හෝල්ඩින් කණ්ඩායම සහ යූනියන් බැංකු කණ්ඩායම පිළිවෙලින් “ඒ” “බී”  “සී” “ඩී” හා “ඊ” යන කාණ්ඩයන්ගෙන් පිරිමි ශූරතා දිනා ගත්හ.
 
හැටන් නැෂනල් බැංකුව සහ එන්.ඩී.බී කාන්තා කණ්ඩායම් පිළිවෙලින් “ඒ” හා “බී” කාණ්ඩයන්ගෙන් ගියවර ශූරියන් බවට පත් වූහ.
 
 
024

අදහස් (0)

වෙළඳ සේවා අවසන් තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.