(නාමල් පතිරගේ)
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට ආසියාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙක තෝරා ගැණෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා - සුදුසුකම් තේරීමේ වෙරළ වොලිබෝල් (කාන්තා/පිරිමි) තරගමාලාව මාර්තු මස 15, 16, 17 යන දිනවල මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වේ.

මේ සඳහා සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව සිංගප්පූරුව, පාකිස්තානය හා මාලදිවයින යන රටවල් හතරෙන් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ.
එංගලන්තයේ බර්මින්හෑම් නුවරදී ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලේ වෙරල වොලිබෝල් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2022 ජුලි 30 සිට අගෝස්තු 7 වැනිදා දක්වා. එය බර්මින්හෑම් නුවර ‘සමිත්ෆීල්ඩ්’ වෙරළ තීරයදී පැවැත්වේ.
අවසන් වරට පැවති 2018 ‘ගෝල්ඩ් කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී වෙරළ වොලිබෝල් කාන්තා හා රන්පදක්කම කැනඩාව විසින්ද පිරිමි රන් පදක්කම ඕස්ට්‍රේලියාව විසින් ද දිනා ගන්නා ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.