දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (15 වැනිදා) පැවැති වෙඩිතැබීමේ තරග වලදී ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
පිරිමි මීටර් 50 රයිෆල් ඉසව්වේදී ලකුණු 430.9 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ එස්. එම්. සමරකෝන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය. එහි රන් සහ රිදී පදක්කම් පිළිවෙලින් ඉන්දියාවේ චේන් සිංට (ලකුණු 453.3) සහ ගඟන් නරංට (ලකුණු 450.3) හිමිවිය.
පිරමි මීටර් 25 පිස්තෝලයෙන් නොනවත්වා වෙඩිතැබීමේ කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලකුණු 1525 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩබ්ලිව්. එම්. කුමාර, එම්. පී. පතිරණ සහ ආර්. කේ. රත්නායක යන කී‍්‍රඩකයෝ එම කණ්ඩායම නියෝජනය කළහ.
කාන්තා මීටර් 10 වායු පිස්තෝල කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනාගැනීමට ආර්. අබේමාන්න, කේ. ජී. කාරියවසම් සහ කේ. එස්. කෙන්දවල යන කී‍්‍රඩිකාවෝ නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 1093 කි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.