Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙඩි තැබීම ප්‍රවර්ධනයට ලක්ෂ 121 ක්

වෙඩි තැබීම ප්‍රවර්ධනයට ලක්ෂ 121 ක්

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩා ඉසව්වේ ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 121 කට වැඩි මුදලක් (1,21,35,020) ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයට ප්‍රදානය කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුම පසුගියදා නුගේගොඩ කොහුවල ජාතික වෙඩි තැබීමේ සංගම් මූලස්ථානයේදී අත්සන් කෙරිණ.

ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාත්, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය වෙනුවෙන් එහි සභාපති ෂිරාන් පීරිස් මහතාත් ගිවිසුමට අත්සන් කළහ.

එක් අවුරුදු ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැගීම සඳහා එම මුදල ක්‍රීඩා ඇමැතිවරයා අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ හිමි කරගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව විශ්වාස කෙරෙන ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රමුඛතාවයෙන් යුතුව අනුග්‍රහය දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය හමුවේ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩා ඉසව්ව සඳහා මෙම අනුග්‍රහය ලැබී තිබේ.

වොලිබෝල්, ටෙනිස්, ජල ක්‍රීඩා හා කරාටේ යන තවත් ක්‍රීඩා ඉසව් හතරක ව්‍යාපෘති සඳහා ද ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් මුදාහැර තිබේ.

ඒ සඳහා නිර්දේශ ලබාදෙන්නේ මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව විසිනි.

- 223


අදහස් (0)

වෙඩි තැබීම ප්‍රවර්ධනයට ලක්ෂ 121 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.