Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වූෂූ විශේෂඥයෝ සිවුදෙනෙක් කොළඹට

වූෂූ විශේෂඥයෝ සිවුදෙනෙක් කොළඹට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වූෂු පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමේ අරමුණින් චීන පුහුණුකරුවන් සිවුදෙනෙක් යටතේ කොළඹදී පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා වූෂු සම්මේලනය කටයුතු සංවිධානය කර තිබේ. මෙම විශේෂඥ වූෂු පුහුණු පාඨමාලාව මැයි මස 26 වැනිදා සිට ජුනි මස 2 වැනිදා දක්වා ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ නව ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය. 

අන්තර්ජාතික වූෂු සම්මේලනයේ මහ ලේකම් සහ චීන වූෂු සංගමයේ සභාපති චාං චුපිංග් මහතාගෙන් ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කරන ලද ඉල්ලීමක් මත මෙම වූෂු විශේෂඥයින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. 

මෙම කණ්ඩායමේ සහ ‘තාඔලු’ පුහුණුවේ නායකත්වය දරන්නේ බීජිං ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී චියාංඕලිං මහත්මියයි. ඇය වූෂු 8 වැනි දුවාන් ශ්‍රේණිගත විශේෂඥවරියකි. ලෝක වූෂු ශූරයින් 67 දෙනෙකු පුහුණුකර ඇති චියාංඕලිං මහත්මිය දැනට අන්තර්ජාතික වූෂු තරග සඳහා භාවිතා වන ‘චංචුවාන්’ ඉසව්ව නිර්මාණය කිරීමේදීද විශේෂ දායකත්වයක් සපයා ඇත. මේ වන විට ඇය ලෝකයේ රටවල් 30 ක වූෂු පාඨමාලා මෙහෙයවා ඇති අතර විදේශ රටවල් 100 කට අධික ප්‍රමාණයක දහස් ගණනක් සිසුන්ට වූෂු ක්‍රීඩාව පුහුණු කොට තිබේ. 

‘සන්දා’ (ද්වන්ධ සටන) පුහුණුවේ නායකත්වය දරන්නේ වුහාන් ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියාං යාදොං මහතාය. වුහාන් ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ කාන්තා සහ පිරිමි සන්දා ප්‍රධාන පුහුණුකරු වූ මහාචාර්ය යාදොං මහතා 1997 වසරේ සිට 1990 වසර දක්වා වියට්නාමයේ ජාතික වූෂු පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. ඊට අමතරව 2000 වසරේ සිට 2013 වසර තෙක් හොංකොං ජාතික සන්දා පුහුණුකරු ලෙසද ඔහු සේවය කර ඇත. යාදොං මහතා චීනයේ ‘ඒ’ ශ්‍රේණියේ විශේෂඥ සන්දා පුහුණුකරුවෙකි. 

චිං රැංකොං සහ මහාචාර්ය චාං ෂියාඕ මහත්වරු මෙම විශේෂඥ කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. චාං ෂියාඕ මහතා බීජිං ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ වූෂු පිළිබඳ පශ්චාත් උපාධිධරයකු වන අතර දැනට චෙංදු ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. චිං රැංකොං මහතා චීන ජාතික වූෂු ශූරතාවලියේදී නැංචුවාන් ඉසව්වේ පදක්කම් ලාභියක් වන අතර වසර 2007 සිටි ගුවන්ෂී පලාත් වූෂු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. 

 

        ලී චියාංඕලිං                      ලියාං යාදොං                චාං ෂියාඕ                     චිං රැංකොං    

 

-036 

 

 

 

 

අදහස් (0)

වූෂූ විශේෂඥයෝ සිවුදෙනෙක් කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.