ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ (කාන්තා) හොකී කණ්ඩායම ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී පැවැත්වෙන එක්ස්ඉන් මාස්ටර්ස් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිතය. මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී ජුලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 05 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගි වන්නේ පළමු වතාවටයි.
මෙවර ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී කණ්ඩායමේ නායකත්වය දරන්නේ පස්වරක් ජාතික හොකී කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කල සෝභිතා මෙන්ඩිස්ය. මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ජාතික හොකී නායකයෙකු වන එම්.ජී.එම් නලීම් මහතා කටයුතු කරයි.
එක්ස්ඉන් මාස්ටර්ස් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලද අවස්ථාවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බවත් කණ්ඩායමේ නායිකා සෝභිතා මෙන්ඩිස් පැවසුවාය.
මෙවර හොකී ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන්නේ ස්පාඤ්ඤයයි. හොකී ක්‍රීඩාවේ ප්‍රබලතම රටවල් වන ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, ඝානා රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම තරගාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ හොකී කණ්ඩායම මූලික වටයේදී තරග හතරකට (04) සහභාගී වේ.
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ (කාන්තා) හොකී කණ්ඩායම
සෝභිතා මෙන්ඩිස් (නායක), රූපිකා ද සිල්වා, ප්‍රියන්ත රාජපක්ෂ, ඉරෝමි ගුණවර්ධන, වාසනා ඒකනායක, ඊෂා අමරසේකර, චන්දිමා රාජවර්ධන, ෂේරීන් ප්‍රභාහරන්, සුනේත්‍රා පෙරේරා, මනෝජි ප්‍රදීපිකා, සන්ජි වාසුදේව, නිෂාන්ති කුඹුරේගම, දුර්ගා හොප්මන්, චමිලා ගුණවර්ධන, අප්සරා ගුණරත්න, නිසංසලා රොසිරෝ, රේනුකා යපා සහ අයේෂා සේරසිංහ
- 092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.