ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 72 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය මේ දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය සිට එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, විවෘත සහ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග‍්‍රහණ ලැබූ වයස අවුරුදු 19 ත් 40 ත් අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පමණක් මෙම තරගාවලියට සහභාගී වෙති.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග, විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග, විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම කී‍්‍රඩකයාට ශී‍්‍රමත් ජෙෆ්රි ලේටන් කුසලානය හිමිවේ.
මෙහි සියලූ තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් හඳුන්වා දෙනලද නව නීති රීති වලට අනුව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.