Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලේකම්ගේ ලොකුකම්

ලේකම්ගේ ලොකුකම්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ ආවරණ කටයුතු සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට ඔවුන්ගේ කටයුතු නිසි පරිදි කරගෙන යෑමට බාධා ඇතිවන අයුරින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා කටයුතු කළ අයුරු දැකගත හැකි විය.

 

මාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කර තිබූ නිල කබා සහ අවසර පත්‍ර පැළදසිටි මාධ්‍යවේදීන්ටත් ඡායාරූප ශිල්පීන්ටත් තටාකය අවට සිට ප්‍රතිඵල ලබාගැනීමේදී සහ ඡායාරූප ගැනීමේදී වරින් වර ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාගෙන් බාධා ඇති විය.


විවිධ අවස්ථා වලදී මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් අසලට පැමිණි ලේකම්වරයා ඔවුන් රැදී සිටි ස්ථාන වලින් ඉවත් කිරීමට පියවර ගත්තේය. ලේකම්වරයා එසේ කටයුතු කරද්දී තරගාවලියේ මාධ්‍ය ඒකකයේ සාමාජිකයෝ මාධ්‍යවේදීන්ට අවශ්‍ය දත්ත සහ තොරතුරු සපයමින් ඉතා අනගි සේවයක නිරත වූ බවද සටහන් කළ යුතුමය.


ජාත්‍යන්තර තරගාවලියක් වූවද මාධ්‍යවේදීන් සඳහා කිසිදු ස්ථානයක් වෙන්කර නොතිබිණ.

 


අදහස් (0)

ලේකම්ගේ ලොකුකම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.