ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේදී වයස 10 න් පහළ බාලිකා කේවල සහ යුගළ ශූරතා ද්විත්වයම දිනා ගැනීමට විෂ්මි සේරසිංහ සමත් වූවාය.
අවසන් මහ තරගයේදී සෙනේෂි විල්ලෝරාරච්චි පරාජය කරමින් කේවල ශූරතාව දිනාගත් විෂ්මි සේරසිංහ, ශෙනායා තිසේරා සමග එක්ව ඉනුකි ජයවීර සහ රුවී ලෙව්කේබණ්ඩාර පරාජය කරමින් යුගළ ශූරතාව දිනාගත්තාය.
වයස 10 න් පහළ බාලිකා කේවල ඉසව්ව සඳහා කී‍්‍රඩිකාවන් 32 දෙදෙනෙක්ද, යුගළ ඉසව්ව සඳහා කණ්ඩායම් 12 ක්ද සහභාගි වූහ.
කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී ලකුණු 9/2 ක් ලෙස ශෙනායා තිසේරා පරාජය කරමින් විෂ්මි සේරසිංහද, ලකුණු 9/7 ක් ලෙස රුවී ලෙව්කේබණ්ඩාර පරාජය කරමින් සෙනේෂි විල්ලෝරාරච්චිද අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.
යුගළ ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 9/6 ක් ලෙස හසාලි ගජබා සහ මිනුකි වන්නිආරච්චි පරාජය කරමින් විෂ්මි සේරසිංහ සහ ශෙනායා තිසේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ. ඉනුකි ජයවීර සහ රුවී ලෙව්කේබණ්ඩාර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 9/4 ක් ලෙස රුහිනි ජයවීර සහ සීනාත් සිහාර් පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටේනියා සමාගම කටයුතු කරයි.
වයස 10 න් පහළ කේවල (බාලිකා) අවසන් මහ තරගය
වයස 10 න් පහළ යුගළ (බාලිකා) අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.