Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්‍ෂමන් ලෝකඩ පදක්කමෙන් නවතී

ලක්‍ෂමන් ලෝකඩ පදක්කමෙන් නවතී

ශනුක අරවින්ද - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ පැවැත්වෙන 12 වැනි ලෝක වුෂු තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා වුෂු කී‍්‍රඩක ලක්ෂ්මන් ගුණසේකර සමත්විය. මෙය ශ්‍රී ලංකා වුෂු ඉතිහාසයේ කී‍්‍රඩකයකු ලද ඉහළම ජයග‍්‍රහණය ලෙසද වාර්තා පොත් අතරට එක්වෙයි.

සන්දා අංශයේ කිලෝ ග‍්‍රෑම් 48 බර පංතිය යටතේ තරග වැදුණ ලක්ෂ්මන් ගුණසේකර,  එහි අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයකදී ජපානයේ උයිමුගෝ කොයිකා තරග වට 2 - 1 ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගත්තේය. කෙසේවුවත් අවසන් පූර්ව වටයේදී පිලීපීනයේ ජෙසී ඇලිගාගා හමුවේ තරග වට 2 - 0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔහුට ලෝකඩ පදක්මකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවට නියෝජනය කරමින් මෙම තරගාවලියට කී‍්‍රඩකයන් 8 දෙනකුගෙන් සහ කී‍්‍රඩිකාවන් දෙදෙනකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවූ අතර කපිල සභාපති මහතා එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.


අදහස් (0)

ලක්‍ෂමන් ලෝකඩ පදක්කමෙන් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.