ජෝර්දානයේ පැවැති 22 වැනි ආසියානු බාලිකා පැසිපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා වයස 18 න් පහළ බාලිකා පැසිපන්දු පිල සමත්විය.
මෙවර තරගාවලියේදී තරග 5 කට සහභාගී වූ ශ්‍රී ලංකා පිල, එහිදී කසක්ස්තානය සහ කිරිගිස්තානය හමුවේ ජය ලැබූ අතර මලයාසියාව, හොං කොං සහ ජෝර්දානය හමුවේ පරාජයට පත්විය.
කසක්ස්තාන පිල සමග පැවැති තරගය ලකුණු 70-61 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ, ඉන් නොනැවතී ලකුණු 70-44 ක් ලෙස කිරිගිස්තාන පිලද පරාජය කිරීමට සමත්වූහ.
ඉමේෂා තත්සරණි එම තරග දෙකේදීම ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් කී‍්‍රඩිකාව බවට පත්වූ අතර ස්වරංගා ප‍්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළාය.
ආසියානු බාලිකා පැසිපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකා පිලක් ලද ඉහළම ජයග‍්‍රහණය ලෙස මෙම ජයග‍්‍රහණය සැළකේ.
තරග ප‍්‍රතිඵල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.