Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදාව - ආදි රාජකීය ජය ලබයි

යුද හමුදාව - ආදි රාජකීය ජය ලබයි

Nisanka Sandeepani - 2017 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ඊයේ (11 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට යුද හමුදාව සහ ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමත් විය. 

ඊයේ පෙරවරුවේ පැවැති තරගයේදී ලකුණු 7-3 ක් ලෙස ආදි ආනන්දීය බේස්බෝල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර එම තරගයේදී ඔවුන්ට ඉනිම් 9 ම ක්‍රීඩා කිරීමට සිදුවිය. 

ඊයේ පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 16-0 ක් ලෙස ආසියානු බේස්බෝල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමත් වූ අතර  ඉහළ ලකුණු පරතරයක් රඳවාගැනීම හේතුවෙන් ඉනිම් 6 ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එම තරගය නතර කෙරිණ. 

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පෙරේදා (10 වැනිදා) දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 25 වැනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

යුද හමුදාව - ආදි රාජකීය ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.