විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු ඉසව්වේ පිරිමි යුගල සහ කාන්තා යුගල දෙවැනි වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම එහිදී පරාජයට පත්විය.
පිරිමි යුගල ඉසව්වේදී ඉන්දීයාවේ අචන්ටා ශරත් සහ ඥාණසේකරන් සතියන් හමුවේ නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ පරාජයට පත් වූ අතර කාන්තා යුගල ඉසව්වේදී ඉන්දීයාවේ බට්‍රා මාණික් සහ දාස් මොවුමා හමුවේ හංසිනී පියුමිලා සහ ඉෂාරා මධුරංගි පරාජයට පත්වූහ.
පිරිමි යුගල දෙවැනි වටය
නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස අචන්ටා ශරත් සහ ඥාණසේකරන් සතියන් (ඉන්දියාව) පරාජය කරන ලදි. (11/3, 11/4, 12/10)
කාන්තා යුගල දෙවැනි වටය
හංසිනී පියුමිලා සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස බට්‍රා මාණික් සහ දාස් මොවුමා (ඉන්දියාව) පරාජය කරන ලදි. (11/4, 11/4, 11/1)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.