ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ පාසල් පැසිපන්දු සංගමය එක්ව සංවිධානය කළ ආසියානු කලාපීය ජාත්‍යන්තර මිනි පැසිපන්දු පුහුණු සහ අධ්‍යාපනික වැඩමුළුව ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ප්‍රධාන කරුණු 3 ක් මුල් කොට ගෙන පැවති මෙම පැසිපන්දු සහ අධ්‍යාපනික සැසියට දිවයින පුරා පාසල් අතරින් වයස අවුරුදු 12 න් පහළ පැසිපන්දු ක්‍රීඩාවට ආසාවක් සහ උනන්දුවක් දක්වන දේශීය ක්‍රීඩික ක්‍රීඩිකාවන් 750 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
ඔවුන්ට අමතරව ආසියානු කලාපයට අයත් රටවල් 22 ක් නියෝජනය කරමින් නිලධාරිහු සහ පැසිපන්දු පුහුණුකරුවෝ 97 දෙනෙක්ද එම සැසියට සහභාගි වී සිටියහ.
අදාළ ක්‍රීඩාව දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ ජම්බෝරියක් ලෙසින් පැවති මෙම ව්‍යාපෘතියට සහභාගි වූ සියලුම දරු දැරියන්ට පැසිපන්දු සමරු ඵලක, නිල කබා, සහතික පත්‍ර සහ පැසිපන්දු ක්‍රීඩාව පිළිබඳ පළ කෙරුණු සමරු පොත් පිංචක්ද සංවිධායකයන් විසින් ලබා දෙන ලදි. ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහ ලංකා බැංකුව යන ආයතන ඒ සඳහා අනුග්‍රහය දැක්වීය.
මිනි පැසිපන්දු ක්‍රීඩාව දැනුවත් කිරීමේ මීළඟ වැඩමුළුව මේ වසරේ (2019) දෙසැම්බර් මාසයේ කොළඔදී පැවැත්වෙන අතර ඒ සඳහා මෙරට පාසල් දරුදැරියන් දහසක් සහභාගි කරවා ගැනීමට ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය අපේක්‍ෂා කරයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.