බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ කණ්ඩායම් මේස පන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ටැග් මේසපන්දු විද්‍යායතන ‘ඒ’ කණ්ඩායම සමත් විය. බස්නාහිර පළාත් මේසපන්දු සංගම් ‘ඒ’ කණ්ඩායම එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් ස්ටැග් මේසපන්දු විද්‍යායතන ‘ඒ’ කණ්ඩායම පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. බස්නාහිර පළාත් මේසපන්දු සංගම් ‘ඒ’ කණ්ඩායම කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අලුත්ගම බ්‍රදර්ස් ක්‍රීඩා සමාජ ‘ඒ’ කණ්ඩායම පරාජය කරමිනි.
පිරිමි ශූරතාව දිනූ ස්ටැග් මේසපන්දු විද්‍යායතන ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිමේෂ් රංචාගොඩ කටයුතු කළ අතර එම කණ්ඩායමට තිසස් රංචාගොඩ සහ හේලික අධිකාරි ඇතුළත් වූහ.
කාන්තා ශූරතාව දිනූ බස්නාහිර පළාත් මේසපන්දු සංගම් ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස අනුෂ්කා ද සිල්වා කටයුතු කළ අතර සනායා බුද්ධදාස සහ එසඳි පෙරේරා කණ්ඩායමේ සෙසු සාමජිකාවන් වූහ.
මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාත් මේසපන්දු කණ්ඩායම් 105 ක් සහභාගි වූ අතර එහිදී ඔවුහු ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’, ‘එෆ්’, ‘ජී’, ‘එච්’, ‘අයි’ සහ ‘ජේ’ ලෙස කාණ්ඩ 10 ක් යටතේ තරග වැදුණහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික මේසපන්දු ක්‍රීඩිකා චමත්සරා ප්‍රනාන්දු මෙනවිය සහභාගි වූවාය.
පිරිමි කණ්ඩායම් තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය -
ස්ටැග් මේසපන්දු විද්‍යායතන ‘ඒ’ කණ්ඩායම විසින් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘බී’ කාණ්ඩය -
ස්ටැග් මේසපන්දු විද්‍යායතන ‘බී’ කණ්ඩායම විසින් ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘සී’ කාණ්ඩය -
චැම්පියන්ස් මේසපන්දු සමාජ ‘බී’ කණ්ඩායම විසින් ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ඩී’ කාණ්ඩය -
චැම්පියන්ස් මේසපන්දු සමාජ ‘සී’ කණ්ඩායම විසින් යින්හේ මේසපන්දු විද්‍යායතන ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ඊ’ කාණ්ඩය -
ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘ඩී’ කණ්ඩායම විසින් නුගේගොඩ ශාන්ත ජොෂප් විදුහල් ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘එෆ්’ කාණ්ඩය -
යින්හේ මේසපන්දු විද්‍යායතන ‘බී’ කණ්ඩායම විසින් ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘ඊ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ජී’ කාණ්ඩය -
ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘එෆ්’ කණ්ඩායම විසින් රෝයල් ඉන්ස්ටිටියුට් මේසපන්දු ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘එච්’ කාණ්ඩය -
ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘ජී’ කණ්ඩායම විසින් ශාන්ත තෝමස් මේසපන්දු ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘අයි’ කාණ්ඩය -
ලුම්බිණි විදුහල් මේසපන්දු ‘සී’ කණ්ඩායම විසින් ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘එච්’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ජේ’ කාණ්ඩය -
ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘අයි’ කණ්ඩායම විසින් ශාන්ත තෝමස් මේසපන්දු ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
කාන්තා කණ්ඩායම් තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය -
බස්නාහිර පළාත් මේසපන්දු සංගම් ‘ඒ’ කණ්ඩායම විසින් අලුත්ගම බ්‍රදර්ස් මේසපන්දු සමාජ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘බී’ කාණ්ඩය -
කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගම් ‘ඒ’ කණ්ඩායම විසින් රාගම 3 ස්ටාර් මේසපන්දු ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘සී’ කාණ්ඩය -
ෆැමිලියන් මේසපන්දු සමාජ ‘ඒ’ කණ්ඩායම විසින් රාගම 3 ස්ටාර් මේසපන්දු ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ඩී’ කාණ්ඩය -
එස්. ඒ. අයි. ටී. එම්. කණ්ඩායම විසින් දිනේෂ් දේෂප්‍රිය මේසපන්දු පදනම් ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ඊ’ කාණ්ඩය -
අලුත්ගම බ්‍රදර්ස් මේසපන්දු මේසපන්දු සමාජ ‘බී’ කණ්ඩායම විසින් නුගේගොඩ අනුලා විදුහල් කණ්ඩායම පරාජය කරන ලදි.
‘එෆ්’ කාණ්ඩය -
බිෂොප් විදුහල් ‘බී’ කණ්ඩායම විසින් ෆැමිලියන් මේසපන්දු සමාජ ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘ජී’ කාණ්ඩය -
ශාන්ත පෝල් විදුහල් ‘ඒ’ කණ්ඩායම විසින් බිෂොප් විදුහල් ‘ඩී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘එච්’ කාණ්ඩය -
ශාන්ත පෝල් විදුහල් ‘බී’ කණ්ඩායම විසින් බස්නාහිර පළාත් මේසපන්දු සංගම් ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
‘අයි’ කාණ්ඩය -
ප්ලේග්රවුන්ඞ්ස් මේසපන්දු ලීග ‘එච්’ කණ්ඩායම විසින් බිෂොප් විදුහල් ‘එෆ්’ කණ්ඩායම පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.