Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේසපන්දු පුහුණුකරුවන්ට පුහුණු කඳවුරු දෙකක්

මේසපන්දු පුහුණුකරුවන්ට පුහුණු කඳවුරු දෙකක්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික මේසපන්දු සම්මේලනයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ කඳවුරු 2 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සැරසෙයි.

පළමු අදියරේ පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා මෙම කඳවුරු ද්විත්වය පැවැත්වෙන අතර ඉන් පළමු වැන්න ජූනි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹදීද, දෙවැන්න ජූනි මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කෙළඹින් පිටතදීද පැවැත්වීමට තීර්ණය කර ඇත.  

අන්තර් ජාතික මේසපන්දු සම්මේලනයේ පළමු අදියරේ පුහුණුකරුවන් පුහුණුකිරීමේ පුහුණු උපදේශකවරුන් වන පාකිස්තාන ජාතික අරීෆ් ඛාන් මහතා සහ ශ්‍රී ලංකාවේ වජිර වික්‍රමසිංහ මහතා මෙම කඳවුරුවල මෙහෙයවීම් කටයුතු කිරීමට නියමිතය.

මෙම පුහුණු කඳවුරු ද්විත්වය සඳහා හිටපු මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ජ්‍යෙෂ්ඨ මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ක්‍රීඩා උපදේශක උපදේශිකාවන්ට, ක්‍රීඩා නිලධාරීන්ට සහ නිලිධාරිණියන්ට සහභාගි විය හැකිය.

‘සදිසි නිරාශා පීරිස්, උප ලේකම්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමය, නො.148 සී, රෝහල පාර, කළුබෝවිල, දෙහිවල’ යන ලිපිනයට අයැදුම් පත් යොමු කිරීමෙන් පුහුණු කඳවුරු සඳහා සහභාගි වීමට අවස්ථව උදා කරගත හැකිය.

 


අදහස් (0)

මේසපන්දු පුහුණුකරුවන්ට පුහුණු කඳවුරු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.