Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේසපන්දු කනිෂ්ඨයෝ හිස් අතින්ම ආපසු එති

මේසපන්දු කනිෂ්ඨයෝ හිස් අතින්ම ආපසු එති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17 වැනිදා) පෙරවරුවේ හිස් අතින්ම ආපසු දිවයිනට පැමිණියේය.

එහිදී ආසියාවේ බාලිකා ආධුනික කණ්ඩායම් අතර 9 වැනි ස්ථානය දිනාගැනීමට ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) සහ හංසනී කපුගීකියන (කොළඹ විශාකා විදුහල) නියෝජනය කළ ශ්‍රී ලංකා බාලිකා ආධුනික කණ්ඩායම සමත්විය.

රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල), මුතුමාලි පි‍්‍රදර්ෂණී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) සහ තෙදිනි තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) නියෝජනය කළ ශ්‍රී ලංකා බාලිකා කනිෂ්ඨ කණ්ඩායම ආසියාවේ බාලිකා කනිෂ්ඨ කණ්ඩායම් අතර 10 වැනි ස්ථානය හිමිවිය.

ශ්‍රී ලංකා බාලක ආධුනික කණ්ඩායමට ආසියාවේ බාලක ආධුනික කණ්ඩායම් අතර 11 වැනි ස්ථානය හිමිවූ අතර දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) සහ හිම්සර ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) එම කණ්ඩායම නියෝජනය කළහ.

අගෝස්තු මාසයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගී වූහ.

චතුර ද සිල්වා මහතා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කළ අතර පි‍්‍රයානි දිසානායක මහත්මිය කාන්තාවන් භාර නිලධාරිනිය ලෙස තරගාවලියට සහභාගී වූවාය.


අදහස් (0)

මේසපන්දු කනිෂ්ඨයෝ හිස් අතින්ම ආපසු එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.