ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධූරයට ඩයන් ගෝමස් මහතා නැවතත් නිතරගයෙන් පත්විය. ඒ මහතා ඉදිරි වසර හතරක කාලයක් එනම් 2020 වසර දක්වා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය පසුගියදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙවර සියලුම නිලධාරීහූ නිතරගයෙන් පත්වූහ.
ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සාර්ථකම සභාපතිවරයකු ලෙස පිළිගැනෙන ඩයන් ගෝමස් මහතා මීට පෙර 2004 වසරේ සිට 2008 වසර දක්වා සභාපති ධූරයේ කටයුතු කළ අතර ඒ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ද වේ.
ගුවන් හමුදා බලගණ නායක මොහොමඞ් සෆ්රාක් මහතා ලේකම් ධූරයට ද, බලගණ නායක ප්‍රසාද් විජේසිංහ මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස ද, පත්වූහ.
මේජර් ජනරාල් රුක්මල් ඩයස් සහ ඕබී්‍ර පීරිස් යන මහත්වරු උප සභාපතිවරු ලෙස පත්වූහ.
උප ලේකම් ලෙස කොමදෝරු කත්‍රිආරච්චි මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස යොහාන් සමරජීව මහතා ද, පත්වූහ.
මෙම නිලධාරීන්ට අමතරව ක්‍රීඩා සමාජ 12 කින් නිලධාරීහූ විධායක කමිටුව නියෝජනය කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.