Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පොදුරද මඩුලු ගිනි සිළුව කොළඹට

පොදුරද මඩුලු ගිනි සිළුව කොළඹට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (12) පස්වරුවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

මෙම ක්‍රීඩා උළෙල 2018 වසරේ අප්‍රේල් මස 5 සිට 15 දක්වා ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවර පැවැත්වීමට නියමිතය.

එංගලන්තයේ බකිංහැම් මාලිගයෙන් ඇරඹි මෙම ගිනිසිළුව රැගෙන යන චාරිකාව දින  388ක් පුරා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් 72ක සංචාරය කිරීමට නියමිතය.

මේ වනවිට මෙම ගිනිසිළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 12කට රැගෙන ගොස් තිබේ.

ඊයේ (12) මෙම ගිනිසිළුව බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පස්වරු 3.50ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත  ඕස්ටේ්‍රලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උත්සව සංවිධායක කමිටුවේ නිලධාරිනී කෙරී තොම්ප්සන් මහත්මිය රැගෙන එනු ලැබුවාය.

කටුනායක ගුවන් තොටුපොළේදී මෙම ගිනිසිළුව පිළිගැනීමේ  අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් සම්සන් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

මෙම ගිනිසිළුව අද සිට ශ්‍රී ලංකාවේ පළාත් කීපයකම විවිධ ස්ථාන වෙත රැගෙන සංචාරය කිරීමෙන් පසු ලබන සඳුදා (16) යළි එය ඉන්දියාව බලා රැගෙන යෑමට නියමිතය.

 


අදහස් (0)

පොදුරද මඩුලු ගිනි සිළුව කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.