Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පොගාකාර් දෙවැනි වරටත් ප්‍රංශ පාපැදි සවාරිය ජයගනී

පොගාකාර් දෙවැනි වරටත් ප්‍රංශ පාපැදි සවාරිය ජයගනී

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශ පාපැදි සවාරිය ජයගැනිමින් කහ පැහැති බැනියමට හිමිකම් කීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත් විය. කිලෝ මීටර් 3414.4 කින් සමන්විත වූ මෙවර (2021) ප්‍රංශ පාපැදි සවාරියේ අදියර 21 නිමා කිරීම සඳහා ඔහුට පැය 82 යි, විනාඩි 56 යි, තත්ත්පර 36 ක කාලයක් ගත විය.

විසි දෙහැවිරිදි වියේ පසුවන පොගාකාර් ප්‍රංශ පාපැදි සවාරියක් ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු ඉකුත් වසරේ (2020) පැවැති ප්‍රංශ පාපැදි සවාරියද ජය ‍ගෙන සිටියේය. එම තරගාවලි දෙක තුළදී අදියර 6 ක ජය තමන් සතු කර ගැනීමටද සමත් වූ පොගාකාර්, තරගාවලි දෙකෙහිම දක්ෂතම ලාබාල තරගකරුවා බවටද පත්‍විය.  

පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 20 ක් පසුපසින් සිටි ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ හිමිකරගත් අතර පොගාකාර්ට වඩා විනාඩි 7 යි, තත්පර 03 ක් පසුපසින් සිටින ඉක්වදෝරයේ රිචඩ් කරපාස් එහි තෙවැනි ස්ථානයට පත්විය. ඕස්ට්‍රේලියාවේ‍ බෙන් ඕ'කෝනර් සිවුවැනි ස්ථානයට හිමිකර ගත්තේ පොගාකාර්ට වඩා විනාඩි 10 යි, තත්පර 02 ක් පසුපසින් සිටිමිනි.

“පළමු ජයග්‍රහණය ලබපු වෙලාවෙදි කියන්න කතාවක් ලියාගෙන එන්නත් මට බැරි වුණා. අදත් ඒ වගේමයි. මම දන්නේ නෑ කොහොමද ඒක ලියන්නෙ කියලා. ඒත් මං දැන් කතා කරන්නේ හදවතින්මයි. සති තුනක් පමණ ගෙවා පැමිණි මේ ගමනේදී මට සහාය දැක්වූ සියලුම දෙනාට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ප්‍රංශයේ පාපැදි ක්‍රීඩා ලෝලීන්වත් ‍මේ වෙලාවෙදි මතක් කරන්න මම කැමතියි. එයාල තමයි මේ තරගාවලිය වර්ණවත් කළේ.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව පොගාකාර් පැවසීය.

මෙවර පාපැදි සවාරියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වෙමින් කොළ පැහැති බැනියම හිමිකර ගැනීමට බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් සමත් විය. මේ වන විට තිස්හය වැනි වියේ පසුවන ඔහු මෙවර පාපැදි සවාරියේ 13 වැනි අදියර ජයගනිමින් එදා මෙදා තුර ප්‍රංශ පාපැදි ඉතිහාසයේ වැඩිම අදියර සංඛ්‍යාවක් (34) ජයගෙන සිටින බෙල්ජියමේ එඩී මර්ක්ස්ගේ වාර්තාව සම කිරීමටද සමත් විය.

 

සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 82:56:36
2 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 83:01:56
3 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 83:03:39
4 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 83:06:38
5 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 83:06:49
6 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 83:08:59
7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 83:08:59
8 ගුයිලුම් මාටින් (ප්‍රංශය) - පැය 83:12:09
9 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 83:12:40
10 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 83:15:10 

-036


අදහස් (0)

පොගාකාර් දෙවැනි වරටත් ප්‍රංශ පාපැදි සවාරිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.