Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණු බොක්සිං තරගාවලියේදී ශී‍්‍ර ලංකාවෙන් දස්කම්

පුහුණු බොක්සිං තරගාවලියේදී ශී‍්‍ර ලංකාවෙන් දස්කම්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ බොක්සිං කී‍්‍රඩක කිී‍්‍රඩිකාවන්ට අන්තර්ජාතික මට්ටමේ බොක්සිං කී‍්‍රඩකයන් සමග තරග වැදීමේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව දිමේ අරමූණ ඇතිව ශී‍්‍ර ලංකාව, සිංගප්පූරුව හා සීෂෙල්ස් යන රටවල් අතර පුහුණු බොක්සිං තරගාවලියක් පසුගියදා පන්නල ස්ලිම්ලයින් බොක්සිං ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි.

එම රටවල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ  36 දෙනෙක් බර පංති 18 ක් යටතේ තරග වැදුණහ.

මෙම තරගවලින් ශී‍්‍ර ලංකාව රන් පදක්කම් 11 ක් දිනාගනිමින් තරගාවලියේ වැඩිම රන් පදක්කම් හිමිකරගත් කණ්ඩායම ලෙස ඉදිරියට පැමිණියේය. රන් පදක්කම් 06 ක් ලබාගත් සිංගප්පූරුව දෙවන ස්ථානය හිමිකර ගත් අතර සීෂෙල්ස් රාජ්‍යයට දිනාගත හැකිවූයේ රන් පදක්කමක් පමණි.

තරග විනිශ්චය සඳහා හර්බට් ඇඹුල්දෙනිය මහතා සහ නීවා ඇඹුල්දෙනිය මහත්මිය ඇතුළු ප‍්‍රවීන බොක්සිං විනිසුරු මඩුල්ලක් සහභාගි වූහ. මෙම කී‍්‍රඩක කී‍්‍රඩකාවන්ගේ සහභාගිත්වෙයන්  මෙ මස (14) වන දින දක්වා පුහුණු කදවුරක්ද පැවැත්විණ.

ශී‍්‍ර  ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතාගේ මූලිකත්වයෙන් මෙම තරග සංවිධානය කෙරිණ.


අදහස් (0)

පුහුණු බොක්සිං තරගාවලියේදී ශී‍්‍ර ලංකාවෙන් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.