Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් 4 ක්

පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් 4 ක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දැල්පන්දු නව පුහුණුකාරිණිය තෝරා ගැනීම සඳහා දැල්පන්දු සම්මේලනය ඉකුත් දා අයදුම්පත් කැඳවනු ලැබීය. ඒ සඳහා අපේක්ෂිකාවන් සිව් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

හිටපු ජාතික කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකාරිණියක් වන තමරා ලියනගේ සහ ජානකී ගුණසේකර යන මහත්මීන්ට අමතරව බදුල්ලේ දැල්පන්දු පුහුණුකාරිණියක් වන කුමාරි ගමගේ සහ යාපනයේ දැල්පන්දු පුහුණුකාරිණියක් වන ඊෂා මනෝමතී යන මහත්මීන් ඒ සඳහා ඉල්ලූම් කර තිබෙන බව වාර්තා වේ.

මෙම තනතුර සඳහා සුදුසුකම් ඇති පුහුණුකාරිනියක් ක‍්‍රීඩා ඇමැතිවරයාට නිර්දේශය ලබන ජනවාරි 5 වැනිදා කිරීමට නියමිතය.

ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට සහ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීම නව පුහුණුකාරිණියට පැවරෙන ප‍්‍රධානතම වගකීම් වනු ඇත.

 


අදහස් (0)

පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.