යාපනය ශාන්ත පැට්‍ර්ක් විදුහලේදී සහ යාපනය මැදි විදුහලේදී දින 3 ක් පුරා පැවැති සමස්ත ලංකා අන්තර් පාසල් පැසිපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයයි.
අවසන් මහ තරගයේදී ලකුණු 54-42 ක් ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් කොළඹ රාජකීය විදුහල බාලක ශූරතාව දිනාගත්තේය. තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට රාජකීය විදුහලේ රුක්ෂාන් අතපත්තු සමත් විය.
අවසන් පූර්ව වටයේදී ලකුණු 51-43 ක් ලෙස කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් රාජකීය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 44-31 ක් ලෙස වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල පරාජය කරමිනි.
අවසන් මහ තරගයේදී ලකුණු 45-42 ක් ලෙස කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පරාජය කරමින් කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය බාලිකා ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ තරගාවලියේ නිර්මා සසන්ති සමත් වූවාය.
අවසන් පූර්ව වටයේදී ලකුණු 59-36 ක් ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් යහපත් එඬේරාගේ කන්‍යාරාමය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 57-22 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කරමිනි.
කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම
කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාම කණ්ඩායම
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.