ජාතික මට්ටමේ හොකී තරගාවලි පහක් ඉදිරි මාස හතර ඇතුළත දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාසල් හොකී ක්ෂේත්රයේ දක්ෂතා ඇති හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ අරමුණින් මෙම තරගාවලි පවත්වනු ලබන අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් හොකී (බාලක -බාලිකා) සංචිතයක් පිහිටුවීමට නියමිත බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපති මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ධම්පිය වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෙවුණු සතියේ පැවති පාසල් හොකී විධායක කමිටු රැස්වීමේදී මෙම තරගාවලි පහ පැවැත්වීමට තීරණය වී තිබේ.
ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සහ දින වකවානු පහත පරිදි වේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.