Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පසිඳු පළමුවැනියාට ළංවෙයි

පසිඳු පළමුවැනියාට ළංවෙයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ ‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ තරගයේ 19 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැදී සිටින ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සහ එහි දෙවැනි ස්ථානයේ පසුවන මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි අතර පැවැති පරතරය ඡන්ද 3996 ක් දක්වා අඩු වී තිබේ. 
 
ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 2871 ත් සමගින් මේ වන විට ඡන්ද 14,739 ක් ලබාගැනීමට නවෝද් පරණවිතාන සමත්ව ඇති අතර ඡන්ද 10,740 ක් ලබා සිටින පසිඳු උස්හෙට්ටි ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3064 කි. 
 
ඉකුත් සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටි කොළඹ නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන සිවුවැනි ස්ථානයට ඇද දමමින් එහි තෙවැනි ස්ථානය අත්කර ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ මුයිස් රෆීල් සමත්ව සිටී. ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 1343 ක් එක්කර ගැනීමට රෆීල් සමත්ව ඇති අතර මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 4436 කි. 
 
කොළඹ නාලන්දා විදුහලේ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ සුඛිත මනෝජ් ඡන්ද 3904 ක් සහ 3377 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 
 
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රය විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 7781 සිට 9402 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 2276 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 7126 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 
 
මේ වන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 2931 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 1276 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 1655 කි. 
 
නොවැළැක්විය හැකි හේතුවක් නිසා පසුගිය සතියේ ගණනය කිරීම් සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශ කරන ලද ඡන්ද එකතු කිරීම කළ නොහැකි විය. එහෙත් මේ සතියේ සිට සුපුරුදු පරිදි අන්තර්ජාලයෙන් ප්‍රකාශ කෙරෙන ඡන්ද සංඛ්‍යාවද අවසන් ගණනය කිරීම් සඳහා එකතු කර තිබේ. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 එම්.එස්.පී. කොස්තා, 58/50, 3 වැනි පටුමග, ගලවිලපුර, මාලපට, හෝමාගම 
2 ජේ.එල්. විජේසිංහ, 578, ගහගොඩ පාර, කටුගස්තොට 
3 එම්.එෆ්. වැන්ඩවට්, 152, සුහද මාවත, මහ හුණුපිටිය, මීගමුව 
4 ලක්මිණී අලහකෝන්, 956/2ඊ, පොතුආරව පාර, මාලබේ 
 
-036 

අදහස් (0)

පසිඳු පළමුවැනියාට ළංවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.