Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පදක්කම් ප‍්‍රදානය අතරමගදී අවලංගු කරයි

පදක්කම් ප‍්‍රදානය අතරමගදී අවලංගු කරයි

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වූ ඊයේ (27) මෙවැනි ක‍්‍රීඩා උළෙලක ඉතාමත් කළාතුරකින් දැකිහැකි සිද්ධියක් ලෙස මීටර 3000 කාන්තා බාදක දිවීමේ ඉසව්වේ රන් පදක්කම් පිරිනැමීමට සූදානම් වනවාත් සමග ජයග‍්‍රහණ අවලංගු කිරීමට සංවිධායකයෝ තීරණය කළහ.

බහරේන් ක‍්‍රීඩිකා රුත් ජෙබිට් නව ආසියානු ක‍්‍රීඩා වාර්තාවක් සමග ජය ලැබූව ද ඇය ධාවනයේ යෙදන විට පළමු මංතිරුවෙන් එළියට පාදය ගිය බවට රූපවාහිනී පුනරූපන මගින් නිරීක්‍ෂණයෙන් කිරීමෙන් අනතුරුව තරග තීරකයෝ එම තීරණයට පැමිණ තිබේ.

එම ඉසව්වේ රිදී සහ ලෝක පදක්කම් දිනූ චීන සහ ඉන්දීය ක‍්‍රීඩිකාවන් දෙපළ පදක්කම් ලබා සිටි අතර රන් පදක්කම දිනූ බහරේන් ක‍්‍රීඩිකා රුත් ජෙබිට් පදක්කම් පළකයට ගොඩවීමට සූදානම් වනවාත් සමග පදක්කම් ප‍්‍රදානය අත්හිටුවීය.

කෙන්යාවේ උපත ලැබූ ක‍්‍රීඩිකාවක් වන ඇය විනාඩි 9:31.36 කින් තරගය අවසන් කළාය.

ඉන්දීය මලල ක‍්‍රීඩා නිලධාරීහු මේ පිළිබදව විරෝධතාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව චීන ක‍්‍රීඩිකාවට රන් පදක්කම ද, ඉන්දියාවට රිදී සහ ලෝකඩ පදක්කම් ද හිමිවිය.

එහිදී රන් පදක්කම හිමිවූ චීන ක‍්‍රීඩිකාව සතුටින් ඉපිලී ගිය ආකරය දැකගත හැකි විය. එහි පදක්කම් ප‍්‍රදානය පසුවට කල් තැබුණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බහරේන් ක‍්‍රීඩිකා රුත් ජෙබිට් (දකුණේ) පදක්කම අහිමිව ... ඉන්දිය ක‍්‍රීඩිකාව ලෝකඩ පදක්කම ලබා වමේ සිටියි.


අදහස් (0)

පදක්කම් ප‍්‍රදානය අතරමගදී අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.