Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නාවිකයෝ, කොළඹ, ඇවන්ත්ගාඞ් පෙරමුණේ

නාවිකයෝ, කොළඹ, ඇවන්ත්ගාඞ් පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තවත් තරග 4 ක් පමණක් ඉතිරිව තිබියදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නාවික හමුදාව, කොළඹ කී‍්‍රඩා සමාජය සහ ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය සමත්වී තිබේ. මෙම කී‍්‍රඩා සමාජ තුනම ප‍්‍රසාද ලකුණු 11 බැගින් ලබාසිටිති.

සුපිරි 8 දෙනාගේ වටයේ 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැති තරග වලදී ජයග‍්‍රහණ 2 ක් බැගින් අත්කර ගැනීමට ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය සමත්විය.  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය, හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය, කොළඹ පැසිපන්දු සමාජය සහ නාවික හමුදාව ජයග‍්‍රහණය බැගින් හිමිකරගත්හ.

ඉකුත් වසරේ අනුශූරයන්වූ කොළඹ කී‍්‍රඩා සමාජය හමුවේ 73-65 ක පෙරළිකාර ජයක් අත්කර ගැනීමට ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය සමත්වීමත්, ප‍්‍රධාන පෙළේ පැසිපන්දු කණ්ඩායමක් වන  ඕල්ඞ් බෙන්ස් කණ්ඩායම එරෙහිව 90-37 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත්වීමත් කැපීපෙනෙන සිදුවීම් විය.

සුපිරි 8 වටයේ ඉතිරිවී ඇත්තේ තවත් තරග 4 ක් පමණක් වන අතර එම තරග නාවික හමුදාව සහ කොළඹ කී‍්‍රඩා සමාජය අතරත්, ගුවන් හමුදාව සහ ඔටර්ස් ක‍්‍රීඩා සමාජය අතරත්, ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය සහ හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය අතරත්, හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය අතර පැවැත්වේ.

 

තරග ප‍්‍රතිඵල (13 වැනදා සිට 16 වැනිදා දක්වා)

  • ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය විසින් කොළඹ කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (73-65)
  •  ඕල්ඞ් බෙන්ස් කී‍්‍රඩා සමාජය විසින් ඔටර්ස් ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (75-58)
  • හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය විසින් ගුවන් හමුදාව පරාජය කරන ලදි. (81-44)
  • ඇවන්ත්ගාඞ් කී‍්‍රඩා සමාජය විසින් හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (83-69)
  • නාවික හමුදාව විසින් ආදි බෙන්ස් ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (90-37)
  • කොළඹ කී‍්‍රඩා සමාජය සමාජය විසින් ඔටර්ස් ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (65-32)

 

ප‍්‍රසාද ලකුණු සටහන


කණ්ඩායම                 ප‍්‍රසාද ලකුණු
නාවික හමුදාව                     11
කොළඹ කී‍්‍රඩා සමාජය            11
ඇවන්ට්ගාඞ් කී‍්‍රඩා සමාජය       11
හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය     9
ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජය                   9
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය         8
ගුවන් හමුදාව                                   7
ඔටර්ස් ක‍්‍රීඩා සමාජය                          6


අදහස් (0)

නාවිකයෝ, කොළඹ, ඇවන්ත්ගාඞ් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.