Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (01) පස්වරුවේ පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 43-25 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙය නාවික හමුදා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග හතරේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ.
චරිත් ජනිත් සිය දෙවැනි උත්සාහක දිනුම 32 වැනි මිනිත්තුවේදී එකතු කළ අතර තිළිණ වීරසිංහ සුපුරුදු පරිදි අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 43-25 ක් බවට පත්ව ගුවන් හමුදා පිලෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු මෑත්විය.
බුද්ධිම පියරත්න තරගයේ වීරයා බවට පත්වෙමින් සිය තෙවැනි උත්සාහක දිනුම 30 වැනි මිනිත්තුවේදී ලකුණු සටහනට එකතු කළේය. තිළිණ වීරසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ නාවික හමුදාව ලකුණු 36-25 ක් ලෙස ස්ථාවර විය.
සුරාජ් තිලකරත්න 22 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමකින් ගුවන් හමුදා පිලට එකතු කළ ලකුණු පහ සමගින් ලකුණු පුවරුව 29-25 ක් බවට පත්විය.
නාවික හමුදා පිලේ නිෂොන් පෙරේරා 19 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තිළිණ වීරසිංහ අතිරේක ලකුණු මුසුකිරීමත් සමඟ ලකුණු පුවරුව 29-20 ක් බවට පෙරලුණි.
චරිත් සෙනෙවිරත්න 16 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරින් ගුවන් හමුදාව ලකුණු 22-20 ක් ලෙස ලකුණු පරතරය අඩු කරගත්ත ද එය ඉදිරියට ගෙන යෑමට අපොහොසත් විය.
ලකුණු සමවී මිනිත්තුවක් ගතවීමට පෙර බුද්ධිම ප්‍රියරත්න සිය දෙවැනි උත්සාහක දිනුම සටහන් කරමින් නාවික හමුදාව ලකුණු 22-17 ක් ලෙස පෙරමුණෙන් තැබීය.
චරිත් සෙනවිරත්න ඉන් මිනිත්තු අටකට පසුව ගුවන් හමුදාවට දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු තුනක් එකතු කිරීමෙන් ලකුණු 17-17 ක් ලෙස නැවතත් සම විය.
තිළිණ වීරසිංහ දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරමින් නාවික හමුදා පිල ලකුණු තුනකින් ඉදිරියට ගත්තේය.
පත්මසංඛ වීරසිංහ 38 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට තවත් උත්සාහක දිනුමක් එකතු කළේය. චරිත් සෙනෙවිරත්න එයට අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-14 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී පළමු අර්ධය අවසන් විය.
චරිත් ජනිත 26 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් නාවික හමුදා පිල නැවතත් පෙරමුණේ තැබීය. තිළිණ වීරසිංහ එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 14-7 ක් බවට පත්විය.
ගුවන් හමුදා පිලේ ගයන්ත ඉද්දමල්ගොඩ 20 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට චරිත් සෙනවිරත්න අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු 7-7 ක් ලෙස සම විය.
නාවික හමුදා පිලේ බුද්ධිම පියරත්න 15 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.