ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි ට ලෝකඩ පදක්කමකින් අද (11) සෑහීමට සිදුවුවාය. නදීකා, තරගයේදී ඉන්දිය ක‍්‍රීඩිකාවන් දෙදෙනකු හමුවේ පසුබෑමට ලක්වෙමින් ශ‍්‍රී ලංකාව මහත් අපේක්ෂාවෙන් සිටි තරග ඉසව්වක රන් පදක්කම අහිමිව ගියේය.
2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් නදීකා 2013 වසරේ මීටර 60.64 ක ඉහළම දස්කමක් දැක්වුවාය. මෙම දස්කම නිසා ඇය 2014 වසරේ මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගත්තාය. නදීකා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට ද සහභාගි වු ජාත්‍යන්තර තරග අත්දැකීම් සපිරි ක‍්‍රීඩිකාවක් ද වුවාය.
ඉන්දියාවේ සුමන් දේව් (මීටර 59.45) මෙහි රන් පදක්කම දිනා ගත්තාය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.