Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩරාජා කොළඹ ටෙනිස් ශූරතාව දිනයි

නඩරාජා කොළඹ ටෙනිස් ශූරතාව දිනයි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට නිෂාංගන් නඩරාජා සමත් විය. අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරලට එරෙහිව තරග වට 2-1 ක තියුණු ජයක් අත්කර ගනිමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය.

පළමු වටයේදී ලකුණු 6/2 ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් ආරම්භයේදීම තරගයේ පෙරමුණ ගැනීමට සංඛ අතුකෝරල සමත් වූ අතර තියුණු මුහුණුවරක් ගත් දෙවැනි වටයේ ජය ලකුණු 7/6 ක් ලෙස නිෂාංගන් නඩරාජා සතු වීමෙන් තරගය සම තත්ත්වයට පත් විය.

කෙසේ වුවත් දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් නඩරාජා, තරග වට 2-1 ක් ලෙස සංඛ පරාජය කරමින් තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය.

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (6/4 සහ 6/2) හීරා අෂික් පරාජය කරමින් නිෂාංගන් නඩරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සංඛ අතුකෝරල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී වට 2-0 ක් ලෙස (6/2 සහ 6/2) මුෆ්ෆාස්සල් හුසේන් පරාජය කරමිනි.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී නිෂාංගන් හමුවේ පරාජයට පත් වුවද, යසිත ද සිල්වා සමග එක්ව තරගාවලියේ විවෘත පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට සංඛ අතුකෝරල සමත් විය. පිරිමි යුගළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි හීරා අෂික් සහ තන්වීර් ආෂික් ඊට සහභාගි නොවීම නිසා සංඛට සහ යසිතට එහිදී නිතරග ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 102 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ලබන ඉරිදා (18 වැනිදා) පස්වරු 5.00 සිට කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

නඩරාජා කොළඹ ටෙනිස් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.