
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැල්පන්දු කණ්ඩායම විසින් 2024 රාජ්‍ය සේවා දැල්පන්දු තරඟාවලියේදී ‘ඩී‘ කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ සහ ලීග් ශූරතා දෙකම දිනා ගන්නා ලදි. මෙම තරගාවලිය පසුගියදා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
එහිදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැල්පන්දු කණ්ඩායම ‘ඩී‘ කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේදී කණ්ඩායම් හතරක් පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය. එම කාණ්ඩයේදීම කණ්ඩායම් 6 ක් පරාජය කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ක්‍රීඩිකාවෝ ලීග් ශූරතාවත් තමන් සතුකර ගත්හ.
පසුගිය වසරේදී පැවැති රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ලීග් අනුශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ අනුශූරතාව දිනාගන්නා ලද්දේත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැල්පන්දු කණ්ඩායම විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.