‘සකුණා’ විවෘත මේසපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව පිට පිට දෙවැනි වසරටත් තමා සතුකර ගැනීමට මාස් කී‍්‍රඩා සමාජයේ නිර්මල ජයසිංහ සමත් විය. මහාමායා විදුහලේ රිද්මි කරඳනාරච්චි කාන්තා ශූරතාවට හිමිකම් කීවාය.
බාලිකා අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩ වල අවසන් මහ තරග වලදි ශේෂලා බණ්ඩාර හමුවේ පිළිවෙළින් තරග වට 3/2 ක් සහ තරග වට 3/1 ක් වශයෙන් පරාජයට පත්වූ රිද්මි කරඳනාරච්චි, විවෘත කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ශේෂලා බණ්ඩාර පරාජය කිරීම කැපීපෙනෙන සිදුවීමක් විය.
බාලක අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩ දෙකේදීම කි‍්‍රෂාන් වික‍්‍රමරත්න පරාජය කරමින් ශූරතා දිනාගත් උදය රණසිංහ, විවෘත පිරිමි අවසන් මහ තරගයේදී තරග වට 3/1 ක් ලෙස නිර්මල ජයසිංහ හමුවේ පරාජය වීම නිසා ශූරතා 3 ක් දිනාගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය.
තරගාවලියේ පාසල් ළමුන් සඳහා වයස අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ හා 18 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැති අතර පිරිමි සහ කාන්තා විවෘත තරග 2 ක්ද, ප‍්‍රවීණයන්ගේ තරගයක්ද තරගාවලියට ඇතුළත් විය.
මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය දෙවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය මහනුවර ජගත් රාජපක්ෂ මේසපන්දු කී‍්‍රඩාගාරයේදී පැවැත් විණ.
සකුණා හෝල්ඩිංස් පුද්ගලික සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 8 න් පහළ බාලක
එච්. අයි. රුද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 2/1 ක් ලෙස ආකේෂ් දිමන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (9-11, 11-4, 11- 7) ලදි.
වයස 10 න් පහළ බාලක
යසිරු මලීෂ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස ආකේෂ් දිමන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11- 7, 9-11, 9-11, 11-8, 11- 8)
වයස 12 න් පහළ බාලක
හර්ෂණ කරඳවෙල (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස පියුම් ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (6-11, 6-11, 11-7, 11-6, 11-13)
වයස 15 න් පහළ බාලක
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11-7, 9-11, 11-7, 7-11, 12-10)
වයස 18 න් පහළ බාලක
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (10-12, 11-5, 11-4, 8-11, 11-6)
විවෘත පිරිමි
නිර්මල ජයසිංහ (මාස් කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3/1 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (10-12, 16-14, 9-11, 9-11)
ප‍්‍රවීණ පිරිමි
චමින්ද රුද්‍රිගූ විසින් තරග වට 3/1 ක් ලෙස ජගත් රාජපක්ෂ පරාජය කරන ලදි.
තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 8 න් පහළ බාලිකා
කවිනි මලල්පොළ (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2/1 ක් ලෙස හසිනි ඉකිරිවත්ත (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11-6, 9-11, 11-5)
වයස 10 න් පහළ බාලිකා
තාරිණී ගලගොඩ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3/1 ක් ලෙස දිල්මි ප‍්‍රභාෂි (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල) පරාජය කරන ලදි. (11-9, 15-13, 4-11, 11-6)
වයස 12 න් පහළ බාලිකා
ඕචිනි දිසානායක (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3/0 ක් ලෙස සමාධි හෙට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (12-10, 12-10, 11-8)
වයස 15 න් පහළ බාලිකා
ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස රිද්මි කරඳනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11- 9, 9-11, 11-4, 6-11, 8-11)
වයස 18 න් පහළ බාලිකා
ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3/1 ක් ලෙස රිද්මි කරඳනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (8-11, 11-6, 11-5, 11- 4)
විවෘත කාන්තා
රිද්මි කරඳනාරච්චි (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3/2 ක් ලෙස ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (8-11, 11-4, 11-6, 10-12, 11-5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.