මරදාන ශාන්ත ජෝසප් විද්‍යාල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති වෙළෙඳ සේවා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී එක්ස්පෝ ලංකා කණ්ඩායම ලකුණු 53-30 ක් ලෙස පරාජය කරමින් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තියුණු තරගයකින් අනතුරුව ලකුණු 10-09 ක් ලෙස පළමු කාර්තුව අවසානයේ පෙරමුණ ගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම දෙවන කාර්තුවේදී 22-17 ක් ලෙසද, තෙවැනි කාර්තුවේදී 35-21 ක් ලෙසද ක්‍රම ක්‍රමයෙන් ලකුණු පරතරය වැඩි කර ගත්තේය.
සිවුවැනි කාර්තුවේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ලකුණු 18 ක් රැස්කළ අතර එක්ස්පෝ ලංකා කණ්ඩායමට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි. ඒ අනුව ලකුණු 53-30 ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ජය හිමිකර දෙමින් තරගය නිමාවට පත් විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායිකා සශිකා සමරසිංහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා ෂෙරීන් නුගේරා එක්ස්පෝ ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළාය.
සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 36-23 කින් පරාජය කළ සී. ඩී. බී. බැංකු කණ්ඩායම තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර මාස් ඇක්ටිව් කණ්ඩායම ලකුණු 23-03 කින් පරාජය කළ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ‘සී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය.
සම්මාන දිනාගත් ක්‍රීඩිකාවෝ -
දැල්පන්දු රැජිණ - කුමාරිනී සිල්වා (හැටන් නැෂනල් බැංකු කණ්ඩායම)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව - ගයාන්ජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකු කණ්ඩායම)
දක්ෂතම පසු පෙළ ක්‍රීඩිකාව - ෂෙරීන් නුගේරා (එක්ස්පෝ ලංකා කණ්ඩායම)
දක්ෂතම ඉදිරි පෙළ ක්‍රීඩිකාව - ටී. අබිතා (සී. ඩී. බී. බැංකු කණ්ඩායම)
දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව - චතුකි ඉමල්කා (මාස් ඇක්ටිව් කණ්ඩායම)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.