Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් අද සිට

දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් අද සිට

editorial - 2025 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක්‍රීඩක සංගමය 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය අද (10) සිට 14 දක්වා අම්බලන්ගොඩ සීබ්‍රීස් හෝටලයේදී පැවැත්වේ.

 ලංකාවේ පාසලක් අනුබද්ධව මෙරට අඛණ්ඩව සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් තරගාවලිය සහ දකුණු ලකට ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් තරගාවලියක් පළමු වරට හඳුන්වාදුන් චෙස් තරගාවලියද වනුයේ දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් තරගාවලියයි.

  මෙවර පැවත්වෙන 12 වැනි ධම්සෝ ජාත්‍යන්තර චෙස් තරගවලිය සඳහා දෙස් විදෙස් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පන්සීයක් පමණ සහභාගීවනු ඇතැයි තරග සංවිධායකයෝ කියති.

 තරගාවලිය තරග වට දහයකි. මේ තරග වට දහය තරගාවලිය පැවැත්වෙන දින පහේදී දිනකට තරග වට දෙක බැගින් පවත්වා නිමාවට පත් කෙරේ. මේ තරග වට 10න් ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව පදනම් කරගෙන තරගාවලියේ විවෘත පිරිමි, කාන්තා, ශ්‍රේණිගත ලකුණු ලැබූ, ශ්‍රේණිගත ලකුණු නොලැබූ, ඒ ඒ ශ්‍රේණිගත ලකුණු මට්ටම්වල සහ වයස 6න් 8න් 10න් 12න් 14න් 16න් පහළ බාලක, බාලිකා හා වයස 50 ට වැඩි ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබයි.

 ඒ අනුව තරගාවලියේ විවෘත ශූරතාව සඳහා රුපියල් 1,50,000ක් ද, අනු ශූරතාව සඳහා රුපියල් 1,00,000ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, සිවු වැනි, පස් වැනි ස්ථාන දෙකට රුපියල් 40,000 බැගින් ද, හය වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 20,000 බැගින් ද, කාන්තා ශූරතාව සඳහා රුපියල් 60,000ක්ද, අනු ශූරතාව සඳහා රුපියල් 40,000ක් ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000ක්ද පිරිනැමීමට නියමිතය.


අදහස් (0)

දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.