දකුණු ආසියානු වූෂූ සම්මේලනයේ 2026 වාර්ෂික සමුළුව සහ නිලවරණය මේ මස 22 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වෙයි. වාර්ෂික සමුළුවේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා සහභාගි වන අතර විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් රිෆ්ඩි ෆාමි මහතා සහභාගි වීමට නියමිතය.
ඔවුන් දෙදෙනාට අමතරව නේපාල තානාපති කාර්යාලයේ විශේෂ කටයුතු බාර විජය කුමාර් රාවුත්, චීන මහජන සමූහාණ්ඩුවේ තනාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශිකා ලි ලී ජී මහත්මිය සහ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක ජනාතුල් හබීබ් මහතා ද සුවිශේෂී ආරාධිතයන් ලෙසින් මෙම අවස්ථාවට සහභාගි වෙති.
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙවර වාර්ෂික රැස්වීමට දකුණු ආසියානු වූෂූ සම්මේලනයේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය යන රටවල වූෂූ සම්මේලන නියෝජිතයෝ සහභාගි වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.