Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්

තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් පිල වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 26 කින් නොදැවී ලකුණු 74 ක් ලබාගත්තේය.  

තිසරගේ ඉනිම හේතුවෙන් කොමිලා වික්ටෝරියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 184 ක් රැස්කළේය. එහෙත් මෙම තරගයෙන් චිතගොන් වයිකිංස් පිල කඩුලු හතරක ජයක් ලැබීමට සමත් විය. වයිකිංස් නායක මුෂ්ෆිකුර් රහීම් පන්දු 41 කදී හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

කොමිලා වික්ටෝරියන්ස් පිලේ අංක 8 පිතිකරු ලෙස පැමිණි තිසර, පන්දු 26 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර අටක් සමගින් මෙම ලකුණු 74 රැස් කළේය. තිසර අර්ධ ශතකය පන්දු 20 කින් සම්පූර්ණ කළේය. දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක රොබි අර්වින්ක් යැවූ ඉනිමේ 19 වැනි ඕවරයට ලකුණු 30 ක් (2,6,6,4,6,6) රැස්කිරීමට තිසර සමත් විය.


කොමිලා වික්ටෝරියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 184
(එවින් ලුවිස් 38, ඉම්රූල් කයිස් 24, මොහොමඞ් සයිෆුඩීන් නොදැවී 26, තිසර පෙරේරා නොදැවී 74, කලීඞ් අහමඞ් 34/3)

චිතගොන් වයිකිංස් පිල ඕවර 19.4 කදී කඩුලු 6 ට 186
(මොහොමඞ් ශෂාඞ් 46, මුෂ්ෆිකුර් රහීම් 75, මොහොමඞ් සයිෆුඩීන් 45/3)   

 - 048

 

 

 


අදහස් (0)

තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.