Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තුන්ප‍්‍රයාමයෙන් ලෝකඩ පදක්කමක්

තුන්ප‍්‍රයාමයෙන් ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට අලූතින්ම එක් වු තුන්ප‍්‍රයාම තරගාවලියේ පිරිමි කේවළ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නුවන් කුමාර සමත්විය. නුවන්, තරගය පැය 2 විනාඩි 10.38 කින් අවසන් කළේය.

ඉන්දියාවේම ක‍්‍රීඩකයන් දෙදෙනකු වන දිලිප් කුමාර් (පැ.2.02.53) රන් පදක්කමද, ගුරු දාත් (පැ.2.05.31) රිදී පදක්කම දිනා ගත්හ.

මෙහි කාන්තා තරගයෙන් ගයනි දිසානායක සිවුවැනි ස්ථානය ලැබුවාය.

ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනය වන අද (13) ශ‍්‍රී ලංකාව හිමිකර ගත් 80 වැනි ලෝකඩ පදක්කම මෙයවේ. ශ‍්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 53 ක් සමග පදක්කම් 158 ක් දිනාගෙන් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ සිටියි.

ඉන්දියාව රන් පදක්කම් 148 ක්ම දිනා ශ‍්‍රී ලංකාවේ සමස්ත පදක්කම් ගණනට වඩා පදක්කම් 10 ක අඩුවක් සහිතව 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙල මේ වන විටත් ජයගෙන සිටියි. පාකිස්තානය රන් පදක්කම් අටක් දිනාගෙන තෙවැනි ස්ථානයේ පසුවෙයි.


- 090

 


අදහස් (0)

තුන්ප‍්‍රයාමයෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.